වත්මන් සමාජය දෙසට අවධානය යොමු කරද්දී කාන්තාව නැත්නම් ස්ත්‍රී භූමිකාව අතීත ජන සමාජය හා සසඳා බලන කළ හාත්පස වෙනත් මගකට යොමු තිබේ.එනම් පෙර ග්‍රාමීය සමාජයේ පීතෘ මූලික සමාජ රටාව තුළ කුටුම්භ සංරක්ෂණය මූලික කරගෙන ගෘහණිය, බිරිඳ, මව යන භූමිකාවන් මඟින් ස්ත්‍රීය ස්වකීය කුටුම්භයට රාමු වූ අතර ඇය නිවසේ දෛනික වැඩ කටයුතුවලට හා දරුවන් රැකබලා ගැනීමට පමණක් සීමා වූ තැනැත්තියක් විය.
කෙසේ වෙතත් අද වන විට එම තත්ත්වය ඊට සාපේක්ෂව වෙනස් මගකට යොමු ව ඇත්තේ අධ්‍යාපන රටාවන්, සමාජ රටාවන් වල සිදුවන වෙනස්වීමත් සමගය. ස්ත්‍රීත්වය ද පුරුෂත්ශවය සමඟ උරෙනුර ගැටෙමින් ඉදිරියට එමින් සිටින්නේ පාරම්පරික බැමි බිඳ හෙලමිනි. තුන්වන ලෝකයේ රටක් වන ශ්‍රී ලංකාව තුළ සිදුවෙන සමාජ ආර්ථික වෙනස්කම් සමග සංස්කෘතික රටාවන්ගේ ද කලින් කලට සිදුවන විපර්යාසයන් කාන්තා සමාජයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව දැකගත හැකිය.
එනම් විලාසිතාවන්, හැසිරීම් රටාවන් කතාබහ විලාසය ආදිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව තුළ සමාජය අපේක්ෂා කරන මට්ටම මෙන් නොව හාත්පස වෙනස් වීම් දක්නට ලැබේ. සමාජ ක්‍රමය වෙනස් වන විට ඒහා ක්ෂණික ව වෙනස් වන චරිත ස්වභාවයක් කාන්තාවන් සතුව පවති. සමාජ ක්‍රමය රාමුවකට කොටු වූ ස්ත්‍රි ප්‍රතිරූපයට වඩා ඉන් එහා නිදහස් ජීවිතයකට වර්තමානය වන විට කාන්තාවක් උත්සුක වී ඇතබොහෝදුරට නව යොවුන් තරුණියන් ඉස්මතුවී පෙනේ.
දියණියක් තරුණියක් යනු අනාගත පවුලක මාතෘ භූමිකාව උසුලනු ලබන තැනැතත්තියකි.සමාජ සම්මතයට අනුව මව් පදවිය උත්තරීතර වුව ද එහි උත්තරීතර රැකෙන්නේ කාන්තාව සතු ගුණාංගයන් මඟිනි. "අම්මා අම්මාමයි හැමදාමත්" යන්න සත්‍යයක් වුවද සමාජය හෙලනු ලබන දෘෂ්ටිය වෙනස් වන්නේ ස්ත්‍රී භූමිකාවේ ගති ස්වභාවයන් සමගිනි.
අත පා මුදු පය පා මුදු වයිරෝඩි යේ මට පිටුපා ගෙට යනවද සුරතලි යේ
යනුවෙන් අතීතයේ තරුණියන්ට ආමන්ත්‍රණය කළ රටාව අද වනවිට බඩුවක් , කෑල්ලක් යන තත්ත්වයට පත්ව ඇත්තේ සමාජ ක්‍රමයේ වෙනස්වීම නිසාද පාරම්පරික රටාවෙන් වෙනස් වූ තාරුණ්‍ය තුළ තරුණියන්ගේ හැසරීම් රටාවේ සිදුවන වෙනස හේතුවෙන් ද යන්න ගැටලුවක් මතුව ඇත.කෙසේ වෙතත් තම මවට සහෝදරියට දැඩි ලෙස ආදරය ගෞරවය දක්වන පිරිමියා එලෙසින්ම තවත් ගැහැණියකට ගෞරව නොකරන තැනට පත්ව ඇති සමාජයක් තුළ වරද කවුරුන් අතේ ද යන්න ප්‍රශ්නාර්ථයකි.
සමාජ ක්‍රමයත් සමඟ ස්ත්‍රී භූමිකාව වෙනස් වූ සෘණාත්මකවද නැතිනම් වෙනස් වූ ස්ත්‍රී භූමිකාව සමඟ සමජීය ආකල්ප වෙනස් නොවුණා ද යන්න අප සිතා බැලය යුතු ය. කෙසේ වෙතත් අදවන විට පවතින සමාජ ක්‍රමය තුළ කාන්තා අයිතීන් ,කාන්තා නිදහස ආදී මාතෘකාවන් පිළිබඳ කොතෙකුත් කතා කළ ද කාන්තාවන්ට හිමි නිදහස අයිතිය පවත්න්නේ ද යන්න සිතා බැලිය යුතු ය.තවදුරටත් සාම්ප්‍රදායික රාමුවට කොටුනොවූ ස්ත්‍රී භූමිකාව මත සිට නිදහස සොයා යන ස්ත්‍රීත්වය තුළ ඇයට හිමි නිදහස තව ම ලැබී තිබේද?
කෙසේ හෝ වේවා නිදහසේ අසීමාන්තිකත්වයේ ප‍්‍රතිඵලයක් විලසින්දෝ අදවන විට තරුණියන් බොහෝමයක් ගබ්සා කර ගැනීම්වලට සියදිවි හානි කර ගැනීම්වලට උත්සහ ගනුයේ සීමා මායිම් බිද දමමින් ස්වකීය ස්ත‍්‍රීත්වය තුළ සොයා ගිය නිදහස නොලැබීම නිසාදෝ , එසේත් නැතිනම් නිදහස වරදවා ගැනීම හේතුවෙන්දෝ යැයි සිතිය යුතු ය. ඇතැම් විට සාම්ප‍්‍රදායිකව පැවති සිමා මායිම් වැටකඩුලූ ස්ත‍්‍රීත්වයේ ආරක්ෂාවට එක් අතකින් අවැසි උවද අනෙක් අතින් ඒ වැටමායිම් හේතුවෙන් ලිංගිකව බෙදී පවතින සමාජීය බැදීම් මගින් සිදුවන සමාජ අකටයුතුකම්වලට පිළිතුරු සෙවීම ද ගැටලූවකි.
එදා මෙදා තුර සමාජය දෙස හැරී බලන කල ස්ත‍්‍රිය , ගැහැණිය , තරුණිය , මව, නැගණිය, සොයුරිය මේ කුමන භූමිකාවක සිටිය ද ‘ඇය’ ඇය ම ය. කාන්තාව සමාජ ක‍්‍රමය ආර්ථික රටාව තුළ හුදු රාමුවෙන් පිට වී විවෘත සමාජය හා කරට කර ගැටෙන ජීවියෙකු වී හමාරය . ඇගේ ගෞරත්වය ආරක්ෂාව සුරැුකීම ඇගේ මෙන් ම සමාජයේ ද වගකීමක් වන්නේ නිරායාසයෙනි.