නුග සෙවන
නුග සෙවන යට තනිවීදසත අතු විහිදුවා පැතිරී සිටින
විසල් නුග පත් අතරින්
බලාපොරොත්තුවේ සේයාවකදු නොමැතිව
මලානිකව ගිය ගුවන් ගැබ දෙස
හිස්වූ දෑසින් යුතුව
බලා සිටින විට
හිටිහැටියේ මතුවී
දේදුන්නක් සේ මැකී යන
ඔබේ වතකමල
බලාපොරොත්තු නැමැති දිය
මා දෑසට ඉසින්නට තැත් කරනුයේ
හිස්ව ගිය දෑස
නැවතත් ප්රාණවත් කර
මට ම රිදවන්න ද .....?
💓💓
ReplyDelete