Thursday, December 31, 2020

20 න් උගත් පාඩමින් 21 හැඩකරමු

සෑම දින 365කට ම වරක් නව වර්ෂයක් ආරම්භ වීම සාමාන්‍ය සිදුවීමකි.නමුත් නව වසර තුළ නැවුම් බලාපොරොත්තු සමග නව ගමනක් ආරම්භ කිරීම සෑම පුද්ගලයෙකුගෙම පැතුමකි. කෙසේ හෝ වේවා අද වන විට නව වසරක් ලබන විට සුභපැතුම් එක් කරමින් කෙටිපණිවිඩ තොග පිටින් එයි. අපි ගිය වසරෙත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ නවසරක් කියා 2020 වර්ෂය වෙනුවෙන් සුභ පැතුවා නමුත් 2020 සිතූ පිරිදි සුභ වසරක් ම වූවාද යන්න පැනයකි. කෙසේ හෝ වේවා 2020 වර්ෂය අප සැමට පාඩම් රැසක් කියා දුන් වර්ෂයක් වග නම් නොරහසකි. 

අපි අවුරුදු සැමරුවා ,වෙසක්, පොසෝන්, නත්තල් මේ හැම දෙයක්ම අපි සැමරුවා හැබැයි වෙනද වගේ නෙවෙයි.වෙනදට රතිඤ්ඤා පත්තු කරල සද්දේ දාලා සමරණ අවුරුදු මෙදා අපි හරිම සාමකාමීව සැමරුවා. වෙසක් එකට රට පුරා තොරණ් ගහපු මිනිස්සු ඒ මුදල් අසරන මිනිස්සුනට දුන්නා. ඇදුම්පැළදුම් විලාසිතා එක්ක අතරමන් වුණ අවුරුදු කාලෙ ගෙදරටම වෙලා චාරිත්‍ර වෙනුවෙන් පේවුණා. මගහැරුණු පවුල ආයෙම ළං වුණා. ඇත්තමකිව්වොත් මේ වර්ෂය, ආශාවන්‌ට වඩා  අත්‍යවශ්‍යම  මොනවාද යන්නය  ‌හරිම ලස්සට  අපිට කියල දුන්නා.

ගෙදරට ම හිරවුණා කියල වෙලාවකට හිතුනත් ඒ කාලේ තුළ අපි ඉගෙනගත් පාඩම් එක්ක හැමදාම හැල්මෙ දිව්ව ජීවිතේ අපිට අවශ්‍යම මොනවද කියල හිතන්න ඉඩක් වෙන් කළා. වෙනදට අලුත් අවුරුද්දක් ලබද්දි  සංදර්ශන සැණෙකෙළි පිරුණු සමාජයක වෙනුවට අද  මිනිසුන් උත්සහ ගන්නේ ජීවිතය ආරක්ෂා කර ගැනීමටයි. ඇත්තෙන්ම අටෝපවලින් පිරුණු මිනිස් ජීවිත වල සැබෑ යථාර්ථය  මිනසුන්ට අවබෝධ වුණ වර්ශයක්.අපි අලුත් අවුරුද්දක ලබන විට ඇත්තෙන්ම සතුටු විය යුතුමද? කොළඹ යුගයේ තරුණ කවි පරපුරේ කවියෙක් වන කපිල කවියා ගෙතූ පදපේළි අතර දක්වනනේ

                                 වසරක් ගෙවී නව වසරක් ලබන                     විට

                               නොලැබෙයි අමුතු සැපයක් කිසිකෙනෙකු         හට

                               ජීවන මලේ පෙති එක එක වැටෙන                    විට

                                මොන සැපතක් ද වගුරනු මිස කදුලු                 කැට

ඇත්තෙන් අපි සතුටු වන්නේ ද‌ිනෙන් දින ගෙවී යන ජීවිතය තව තවත්  කෙටි වන නිසාද . කෙසේවෙතත් අප කළ යුත්තේ යථාවබෝධයෙන් යුතුව 2020 වර්ෂයේදී ලද අත්දැකීම් උගත් පාඩම් අනුව 2021 වර්ෂය තුළ ආසාව වෙනුවට අවශ්‍යමදෑ වෙනුවෙන් මූලිකත්වය දෙමින් ජීවත් වීමටයි.


 

Monday, May 11, 2020

ඇය...

වත්මන් සමාජය දෙසට අවධානය යොමු කරද්දී කාන්තාව නැත්නම් ස්ත්‍රී භූමිකාව අතීත ජන සමාජය හා සසඳා බලන කළ හාත්පස වෙනත් මගකට යොමු තිබේ.එනම් පෙර ග්‍රාමීය සමාජයේ පීතෘ මූලික සමාජ රටාව තුළ කුටුම්භ සංරක්ෂණය මූලික කරගෙන ගෘහණිය, බිරිඳ, මව යන භූමිකාවන් මඟින් ස්ත්‍රීය ස්වකීය කුටුම්භයට රාමු වූ අතර ඇය නිවසේ දෛනික වැඩ කටයුතුවලට හා දරුවන් රැකබලා ගැනීමට පමණක් සීමා වූ තැනැත්තියක් විය.

කෙසේ වෙතත් අද වන විට එම තත්ත්වය ඊට සාපේක්ෂව වෙනස් මගකට යොමු ව ඇත්තේ අධ්‍යාපන රටාවන්, සමාජ රටාවන් වල සිදුවන වෙනස්වීමත් සමගය. ස්ත්‍රීත්වය ද පුරුෂත්ශවය සමඟ උරෙනුර ගැටෙමින් ඉදිරියට එමින් සිටින්නේ  පාරම්පරික බැමි බිඳ හෙලමිනි. තුන්වන ලෝකයේ රටක් වන ශ්‍රී ලංකාව තුළ සිදුවෙන සමාජ ආර්ථික වෙනස්කම් සමග සංස්කෘතික රටාවන්ගේ ද කලින් කලට සිදුවන විපර්යාසයන් කාන්තා සමාජයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව දැකගත හැකිය.

එනම් විලාසිතාවන්, හැසිරීම් රටාවන් කතාබහ විලාසය ආදිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව තුළ සමාජය අපේක්ෂා කරන මට්ටම මෙන් නොව  හාත්පස වෙනස් වීම් දක්නට ලැබේ. සමාජ ක්‍රමය වෙනස් වන විට ඒහා ක්ෂණික ව වෙනස් වන චරිත ස්වභාවයක් කාන්තාවන් සතුව පවති. සමාජ ක්‍රමය රාමුවකට කොටු වූ ස්ත්‍රි ප්‍රතිරූපයට වඩා ඉන් එහා නිදහස් ජීවිතයකට වර්තමානය වන විට කාන්තාවක් උත්සුක වී ඇතබොහෝදුරට  නව යොවුන් තරුණියන් ඉස්මතුවී⁣ පෙනේ.

 දියණියක් තරුණියක් යනු අනාගත පවුලක මාතෘ භූමිකාව උසුලනු ලබන තැනැතත්තියකි.සමාජ සම්මතයට අනුව මව් පදවිය උත්තරීතර වුව ද එහි උත්තරීතර රැකෙන්නේ කාන්තාව සතු ගුණාංගයන් මඟිනි. "අම්මා අම්මාමයි හැමදාමත්" යන්න සත්‍යයක් වුවද සමාජය හෙලනු ලබන දෘෂ්ටිය  වෙනස් වන්නේ ස්ත්‍රී භූමිකාවේ ගති ස්වභාවයන් සමගිනි.

        අත පා මුදු පය පා මුදු වයිරෝඩි යේ        මට පිටුපා ගෙට යනවද සුරතලි යේ 
යනුවෙන් අතීතයේ තරුණියන්ට ආමන්ත්‍රණය කළ රටාව අද වනවිට බඩුවක් , කෑල්ලක් යන තත්ත්වයට පත්ව ඇත්තේ සමාජ ක්‍රමයේ වෙනස්වීම නිසාද පාරම්පරික රටාවෙන් වෙනස් වූ තාරුණ්‍ය තුළ තරුණියන්ගේ හැසරීම් රටාවේ සිදුවන වෙනස හේතුවෙන් ද යන්න ගැටලුවක් මතුව ඇත.කෙසේ වෙතත් තම මවට සහෝදරියට දැඩි ලෙස ආදරය ගෞරවය දක්වන  පිරිමියා එලෙසින්ම තවත් ගැහැණියකට ගෞරව ⁣නොකරන තැනට පත්ව ඇති සමාජයක් තුළ වරද කවුරුන්  අ⁣තේ ද යන්න ප්‍රශ්නාර්ථයකි.

සමාජ ක්‍රමයත් සමඟ ස්ත්‍රී භූමිකාව වෙනස්  වූ සෘණාත්මකවද නැතිනම් වෙනස් වූ ස්ත්‍රී භූමිකාව සමඟ සමජීය ආකල්ප වෙනස් නොවුණා ද යන්න අප සිතා බැලය යුතු ය. කෙසේ වෙතත් අදවන විට පවතින සමාජ ක්‍රමය තුළ කාන්තා අයිතීන් ,කාන්තා නිදහස ආදී මාතෘකාවන් පිළිබඳ කො⁣තෙකුත් කතා කළ ද කාන්තාවන්ට හිමි නිදහස අයිතිය පවත්න්නේ ද යන්න සිතා බැලිය යුතු ය.තවදුරටත් සාම්ප්‍රදායික රාමුවට කොටුනොවූ ස්ත්‍රී   භූමිකාව මත සිට නිදහස  සොයා යන ස්ත්‍රීත්වය තුළ ඇයට හිමි නිදහස තව ම ලැබී තිබේද?

කෙසේ හෝ වේවා නිදහසේ අසීමාන්තිකත්වයේ ප‍්‍රතිඵලයක් විලසින්දෝ අදවන විට තරුණියන් බොහෝමයක් ගබ්සා කර ගැනීම්වලට සියදිවි හානි කර ගැනීම්වලට උත්සහ ගනුයේ සීමා මායිම් බිද දමමින් ස්වකීය ස්ත‍්‍රීත්වය තුළ සොයා ගිය නිදහස නොලැබීම නිසාදෝ , එසේත් නැතිනම් නිදහස වරදවා ගැනීම හේතුවෙන්දෝ යැයි සිතිය යුතු ය. ඇතැම් විට සාම්ප‍්‍රදායිකව පැවති සිමා මායිම් වැටකඩුලූ ස්ත‍්‍රීත්වයේ ආරක්ෂාවට එක් අතකින් අවැසි උවද අනෙක් අතින් ඒ වැටමායිම් හේතුවෙන් ලිංගිකව බෙදී පවතින සමාජීය බැදීම් මගින් සිදුවන සමාජ අකටයුතුකම්වලට පිළිතුරු සෙවීම ද ගැටලූවකි.

එදා මෙදා තුර සමාජය දෙස හැරී බලන කල ස්ත‍්‍රිය , ගැහැණිය , තරුණිය , මව, නැගණිය, සොයුරිය මේ කුමන භූමිකාවක සිටිය ද ‘ඇය’ ඇය ම ය. කාන්තාව සමාජ ක‍්‍රමය ආර්ථික රටාව තුළ හුදු රාමුවෙන් පිට වී විවෘත සමාජය හා කරට කර ගැටෙන ජීවියෙකු වී හමාරය . ඇගේ ගෞරත්වය ආරක්ෂාව සුරැුකීම ඇගේ මෙන් ම සමාජයේ ද වගකීමක් වන්නේ නිරායාසයෙනි.



Thursday, August 29, 2019

හතරලියද්ද .....

 වසරකට අදික කාලයක් අම්මගෙන් ඈත්වී කොළඹට වී අධ්‍යාපන කටයුතුවල නිරතව අවිවේකීව සිටි මට, ලැබුණු කුඩා නිවාඩුවට ගමට පැමිණි මට අම්මා උණුඋණුවෙම හදා දුන් කිරි කෝපි කෝප්පය  දිව්‍ය පානයක් විය.
කිරි කෝපි කෝප්පය අතට ගත් මම නිරායාසයෙන්ම ඇවිද ගියේ නිවස ඉදිරිපස වෙල්යාය පෙනෙන පඩිපෙළ වෙතටයි.උඩම පඩියෙ වාඩි වූ මම අම්මා හදා දුන් කිරි කෝපි කෝප්පය බිඳෙන් බිඳ තොල ගාන්නට  වූයෙමි. පහලින් පෙනෙන වෙල් යාය දෙස බලා සිටියදී මට මතක් වූයේ අපේ මුදියන්සේ අත්තා කියූ කතාවකි.
              දිනක් මම අපේ ගෙදර සිට මුදියන්සේ අත්තා සමග කන්දේ ගෙදරට යන්න පිටත් වූයේ අසනීප වී සිටි සිරිල් අයියා බැලීමටයි .අපේ පඩි පෙළෙන් බැස මහ නියරට  පිවිසි මම අත්තා ට ඉදිරියෙන් උඩ පැන පැන යනු දැක අත්තා මහ හඬින් සිනාසෙන්නට විය
                 "ඇයි අත්තා හිනා වෙන්නෙ "ඇසූ මට
              "පුතා නිකං  කොරවක්කෙක් නෙළුම් කොළේ උඩ යනව වගේ  ඇවිදින්නේ" කියමින් අත්තා තවත් සිනා සෙන්නට  විය .
             "ඉතිං ඇත්තේ නියර මඩ වෙලා නේ කකුල්වල මඩ ගෑවෙන නිසා පැන පැන යනවා" යැයි මම කීවෙමි.
                 "පුතත් හරියට අපේ ඒබරං මී මුත්ත වගේ"යැයි අත්තා කීවේය.
                 "කවුද අත්තේ ඒබරං මීමුත්තා" ඇසූ මට  අත්තගෙ පිළිතුර වූයේ
           "ඒ මගේ මීමුත්තා එයා කරපු වැඩක් නිසා තමයි අපේ ගමට හතරලියද්ද කියන නම ලැබිලා තියෙන්නෙ.
                "අනේ .... ඒ කතාව කියන්නකො" කියමින්මුදියන්සේ අත්තාට මම නෙනවත්වා ම ඇවිටිලි කළෙමි.
                 "හා... හා... දරුවෝ... මං ඒ කතාව කියන්නම්" මුදියන්සේ අත්තා උගුරේරැල් බුරුල් හැර,
                "ඔන්න අපේ මී මුත්තා තමයි ඒ කාලේ මේ වෙල් යාය අස්වද්දලා තියෙන්නේ. උන්ද බොහෝම යස ගොවිරාල කෙනෙක්.ඉතිං ඔන්න එක කන්නෙක උන්දෑ මේ යායම  හාලා පෝරු  ගාලා  ඉවර වෙලා."අන්න අර ගල්  පොත්ත උඩ වාඩිවෙලා බුලත්විටක්  ඒදන්න  ලෑස්ති වුණා, ඊට පස්සේ හොඳ බුලත් විටක් කටේ දාගෙන කුඹුර දිහා බලපු ඒබරං මීමුත්තාගෙ හිත බොහෝම රිදුනා.
               "ඇයි අත්තේ එච්චර මහන්සි වෙලා මේ මුළු යාම පෝරු ගාලා  ඉවර වුණාට පස්සේ අත්තාගේ මී මුත්තාට   දුක හිතුනෙ" යැයි මම ඇසූ විට  අත්තා
                "අනේ ඉතින් මෙච්චර මහන්සි වෙලා පොරු  ගාලා ඉවර වුණාට පස්සේ ලියද්දි තියෙන අඩිපාරවල් කියලා හිතලා තමයි ඒබරං මීමුත්තාට දුක හිතුනේ හැබැයි ඉතින් උන්දෑ මේ විදියට ලියද්දෙ අඩිපාරවල්  හිටින්නෙ  නැති වෙන්ට කොරමේකුත් හොයාගත්තා" යැයි පැවසීය.
                "ඒ මොකක්ද අත්තේ ඒ ක්‍රමේ"කුතුහලය ඉහවහා ගිය මම  ඇසීමි.
             "ඔන්න ඉතින් අපේ ඒබරං මීමුත්තා තව ගොවිරාල දෙතුන් දෙනෙක් එක්ක කතා කරලා මැස්සක් හදලා ඒක උඩ නැගලා නැගලා වී ඉහින්න තීරණය කළා.ඊට පස්සේ මේ ගොවි රාලලා එකතුවෙලා ලී දඬුවලින්  මැස්සක් හදලා අපේ මී මුත්තා ව ඒක උඩ ඉන්දවල හතර දෙනෙක් ඒ මැස්ස කොන්  හතරේන්  උස්සලා කරේ තියාගෙන කුඹුරේ වී වැපිරුවා" 
              "අනේ අත්තේ ඉතින් එතකොට හතර දෙනෙක්ම ලියද්දෙ ඇවිදිනවා නේ එක්කෙනෙක් වෙනුවට" යැයි මා පැවසූ විට
           " ඒක තමා පුතේ කියන්නෙ එක්කෙනෙක්ගෙ අඩිපාරවල් වෙනුවට හතර දෙනෙක්ගේ අඩිපාරවල් ලියද්දෙ ඇතිවුණා .ඒ නිසා මේ පළාතට අන්තිමේට "හතරලියද්ද" කියලා නමක් ඇති වුණා" කියූ අත්තා මහ හඬින් සිනාසෙන්නට විය.
                "මොනවද ළමයො මේ වෙල දිහා බලං කල්පනා කරන්නේ" පිටට තට්ටු කල අම්මාගේ හඬින් මම පියවි ලෝකයට පිවිසුනෙමි.
            "යමු කෑම ලෑස්තියි" කියා අම්මා පැවසූවිට අන්තිම තේ උගුරක් බිව් මම  අම්මගේ අතින් ඉයු බත් වේලක රස බලන්න ට  අම්මාත් සමග ගෙට   ගියෙමි.

Friday, July 19, 2019

ශ්‍රී ලංකාවේ බෞද්ධ සංගීතය

        ථේරවාද බුද්ධාගම පවතින සෑම තැනකම මහායාන බෞද්ධ සම්ප්‍රදායන්ගේ සංගීතයට වඩා වෙනස් සංගීතයක් එහි වඩා සීමිත ස්වභාවය අනුව සොයාගත හැකිය. ථේරවාදී සම්ප්‍රදාය තුළ සංගීතය සෘණාත්මක ලෙස අගය කළ බවට සාක්‍ෂි ලෙස සංගීතයට යම් යම් සීමාවන් දක්වා තිබුණද, ඇත්ත වශයෙන්ම ප්‍රතිලෝම සත්‍යය: සංජානනය හා සංජානනයට බලපාන මාධ්‍යයක් සංගීතය කොතරම් ප්‍රබලද යන්න වටහාගෙන ඇති අතර ඒවා පාලනය කිරීමට සහ පාලනය කිරීමට ආකෘති වර්ධනය විය. බලය. නිදසුනක් වශයෙන්, මහා පරිනිබ්බාන-සූත්‍රයේ, බුදුරජාණන් වහන්සේ, ඔහුගේම අභාවයෙන් යුත් කුසිනාරා නගරයේ අතිවිශිෂ්ට ජීව ශක්තිය ගැන කතා කරන්නේ, බෙර, වීනා, ගායනය සහ අත්තාළම්වල සංගීත ශබ්ද සංවේදි ලෙස මිශ්‍ර කිරීම ගැන ය. ගිහි ජනයා විසින් සංගීත භාණ්ඩ පිරිනැමීම වැදගත් නමස්කාර ක්‍රමයක් බව ඔහු යෝජනා කරයි. ඔහු කල්ලවග්ගා හි සවිස්තරාත්මකව ගායනා කිරීමේ ශෛලීන් සාකච්ඡා කරයි 
         
     මහනුවර දලදා මාලිගාව හා සම්බන්ධ සංගීතය හා කාර්ය සාධනය ථේරවාදී බුද්ධාගම තුළ සංගීතයේ ස්ථානය සම්බන්ධයෙන් ගත් කල උදාහරණයකි. මෙම දේවමාළිගාව දත් ධාතු පන්සල නොහොත් දත් දේවාලය (දකුණේ) ලෙස හැඳින්වේ, මන්ද එය බුදුන්ගේ දත් වලින් එකක් ආරක්ෂිතව තබා ඇති බැවිනි. නරේන්ද්‍රසිංහ රජුගේ පාලන සමයේදී (1707-1739) දත් පන්සල තත්වය හා වැදගත්කම සැලකිය යුතු ලෙස වැඩි විය. ප්‍රධාන හින්දු දෙවිවරුන්ට වන්දනාමාන කිරීම සඳහා මෙතෙක් සම්බන්ධ කර තිබූ වාර්ෂික  පෙරහැර ධාතූන් වහන්සේ ධාතුන් වහන්සේලා ඇතුළත් කිරීමට පටන් ගත්හ. එය මහායාන වන්දනාවේ වස්තුවක් ලෙස සිය අනන්‍යතාවය වැගිරෙන අතර ථේරවාදී අනන්‍යතාවයක් ලබා ගැනීමට පටන් ගත්තේය.
              
       නරේන්ද්‍රසිංහගේ අධිකරණය සම්බන්ධ වූ ශ්‍රී ලංකාවේ (1739-1815) නායිකාර් රාජවංශයේ මුල් පාලකයින් සිංහල ථේරවාදී පැවිදි ප්‍රජාවේසහාය ඉල්ලා සිටි බව විශ්වාස කෙරේ. ශ්‍රී ලංකාවේදී ඔවුන් බෞද්ධ නමස්කාරයේ අනුග්‍රාහකයන් බවට පත්විය. ඔවුන්ගේ අනුග්‍රහය යටතේ, ප්‍රශස්ති, ‘ප්‍රශංසා ගීත’ ඇතුළු වැදගත් සංගීත ආකෘතීන් කිහිපයක් සමෘධිමත් විය.  ඒවා කෙලින්ම සමාන නොවන්නේ නම් දෙමළ සින්දු (සිංහල, සින්දු), පේළි පහක සංයුතිය, කෙටි කළ පළමු පේළිය (පල්ලවි) සහ දිගු දෙවන පේළිය (අනුපල්ලවි) සමඟ සම්බන්ධ වී ඇති බවයි.
              
      තවද උඩක්කි රබන්වැනි කාවිකරා මධුව සංගීත කාර්ය සාධනයේ අනෙකුත් අංග ථේරවාදී බෞද්ධ සන්දර්භය තුළ ක්‍රියාත්මක වන පුළුල් ආගමික හා සංගීත බලපෑම් පිළිබිඹු කරයි. ථේරවාදී බෞද්ධ නමස්කාරයේ සංගීතයේ කොටා ඇති විවිධ සමාජ ඉතිහාසයන් නිදර්ශනය කරයි.
                
       ශ්‍රී ලංකාවේ බෞද්ධ සංගීතය, භික්ෂූන් විසින් භික්ෂූන් වහන්සේලා (භික්ෂූන්) විසින් ගායනා කිරීම සහ ගිහි ජනයාගේ සංගීත භාණ්ඩ පිරිනැමීම ඇතුළුව ථේරවාදී ග්‍රන්ථවල සංගීතය නිරූපණය කිරීම සමඟ පුළුල් ලෙස අනුකූල වන බව පෙනේ. ගිහි බෞද්ධ සංගීත කණ්ඩායමේ (හේවිසි) සහ බෞද්ධ ගායනා (පිරිත්) සංගීතයට මේවා ඇතුළත් ය. පිරිත් (පාලි භාෂාවේ පරිටා 'ආරක්‍ෂාව' වෙතින්) යනු පාලි භාෂාවේ ශබ්ද විද්‍යාත්මක ගුණාංග මත පදනම් වූ අභ්‍යන්තර පුනරාවර්තන ශෛලියකි නමුත් තාලීය තානය-තාල පරිමාණයට තනු නිර්මාණය කර ඇත. ඉන්දියාවෙන් පිටත ඇති සියලුම ථේරවාදී සම්ප්‍රදායන් අතර පැරණිතම දේ ලෙස සිංහල ථේරවාද ගායනා සම්ප්‍රදායන් මගින් ඉන්දියානු බෞද්ධ සංගීත මූලධර්ම පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගත හැකිය.

20 න් උගත් පාඩමින් 21 හැඩකරමු

සෑම දින 365කට ම වරක් නව වර්ෂයක් ආරම්භ වීම සාමාන්‍ය සිදුවීමකි.නමුත් නව වසර තුළ නැවුම් බලාපොරොත්තු සමග නව ගමනක් ආරම්භ කිරීම සෑම පුද්ගලයෙකුගෙම ...