සෑම දින 365කට ම වරක් නව වර්ෂයක් ආරම්භ වීම සාමාන්‍ය සිදුවීමකි.නමුත් නව වසර තුළ නැවුම් බලාපොරොත්තු සමග නව ගමනක් ආරම්භ කිරීම සෑම පුද්ගලයෙකුගෙම පැතුමකි. කෙසේ හෝ වේවා අද වන විට නව වසරක් ලබන විට සුභපැතුම් එක් කරමින් කෙටිපණිවිඩ තොග පිටින් එයි. අපි ගිය වසරෙත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ නවසරක් කියා 2020 වර්ෂය වෙනුවෙන් සුභ පැතුවා නමුත් 2020 සිතූ පිරිදි සුභ වසරක් ම වූවාද යන්න පැනයකි. කෙසේ හෝ වේවා 2020 වර්ෂය අප සැමට පාඩම් රැසක් කියා දුන් වර්ෂයක් වග නම් නොරහසකි.
අපි අවුරුදු සැමරුවා ,වෙසක්, පොසෝන්, නත්තල් මේ හැම දෙයක්ම අපි සැමරුවා හැබැයි වෙනද වගේ නෙවෙයි.වෙනදට රතිඤ්ඤා පත්තු කරල සද්දේ දාලා සමරණ අවුරුදු මෙදා අපි හරිම සාමකාමීව සැමරුවා. වෙසක් එකට රට පුරා තොරණ් ගහපු මිනිස්සු ඒ මුදල් අසරන මිනිස්සුනට දුන්නා. ඇදුම්පැළදුම් විලාසිතා එක්ක අතරමන් වුණ අවුරුදු කාලෙ ගෙදරටම වෙලා චාරිත්‍ර වෙනුවෙන් පේවුණා. මගහැරුණු පවුල ආයෙම ළං වුණා. ඇත්තමකිව්වොත් මේ වර්ෂය, ආශාවන්‌ට වඩා අත්‍යවශ්‍යම මොනවාද යන්නය හරිම ලස්සට අපිට කියල දුන්නා.
ගෙදරට ම හිරවුණා කියල වෙලාවකට හිතුනත් ඒ කාලේ තුළ අපි ඉගෙනගත් පාඩම් එක්ක හැමදාම හැල්මෙ දිව්ව ජීවිතේ අපිට අවශ්‍යම මොනවද කියල හිතන්න ඉඩක් වෙන් කළා. වෙනදට අලුත් අවුරුද්දක් ලබද්දි සංදර්ශන සැණෙකෙළි පිරුණු සමාජයක වෙනුවට අද මිනිසුන් උත්සහ ගන්නේ ජීවිතය ආරක්ෂා කර ගැනීමටයි. ඇත්තෙන්ම අටෝපවලින් පිරුණු මිනිස් ජීවිත වල සැබෑ යථාර්ථය මිනසුන්ට අවබෝධ වුණ වර්ශයක්.අපි අලුත් අවුරුද්දක ලබන විට ඇත්තෙන්ම සතුටු විය යුතුමද? කොළඹ යුගයේ තරුණ කවි පරපුරේ කවියෙක් වන කපිල කවියා ගෙතූ පදපේළි අතර දක්වනනේ
වසරක් ගෙවී නව වසරක් ලබන විට
නොලැබෙයි අමුතු සැපයක් කිසිකෙනෙකු හට
ජීවන මලේ පෙති එක එක වැටෙන විට
මොන සැපතක් ද වගුරනු මිස කදුලු කැට
ඇත්තෙන් අපි සතුටු වන්නේ දිනෙන් දින ගෙවී යන ජීවිතය තව තවත් කෙටි වන නිසාද . කෙසේවෙතත් අප කළ යුත්තේ යථාවබෝධයෙන් යුතුව 2020 වර්ෂයේදී ලද අත්දැකීම් උගත් පාඩම් අනුව 2021 වර්ෂය තුළ ආසාව වෙනුවට අවශ්‍යමදෑ වෙනුවෙන් මූලිකත්වය දෙමින් ජීවත් වීමටයි.







