Wednesday, May 29, 2019

නුග සෙවන

නුග  සෙවන

නුග සෙවන යට තනිවී
දසත අතු විහිදුවා පැතිරී සිටින
විසල් නුග පත් අතරින්
බලාපොරොත්තුවේ සේයාවකදු නොමැතිව
මලානිකව ගිය ගුවන් ගැබ දෙස
හිස්වූ දෑසින් යුතුව
බලා සිටින විට
හිටිහැටියේ මතුවී
දේදුන්නක් සේ මැකී යන
ඔබේ වතකමල
බලාපොරොත්තු නැමැති දිය
මා දෑසට ඉසින්නට තැත් කරනුයේ
හිස්ව ගිය දෑස
නැවතත් ප්‍රාණවත් කර
මට ම  රිදවන්න ද .....?

1 comment:

20 න් උගත් පාඩමින් 21 හැඩකරමු

සෑම දින 365කට ම වරක් නව වර්ෂයක් ආරම්භ වීම සාමාන්‍ය සිදුවීමකි.නමුත් නව වසර තුළ නැවුම් බලාපොරොත්තු සමග නව ගමනක් ආරම්භ කිරීම සෑම පුද්ගලයෙකුගෙම ...