පසිදුරන් පිනවීමෙන් අපි නොයෙක් රසයන් විදිමු. එම රසයන්ගේ ස්වභාවය විවිධ ය.සාහිත්‍ය රසය තුළින් ද අපි නොයෙක් රසයන් විදිමු . එම එම සාහිත්‍ය රසයන්ගේ ස්වභාවයද විවිධ ය.සාහිත්‍ය තුළින් අප රසවිදිගන්නේ අපට ඇති වන භාවයන්ගේ උපකාරයෙනි. භාවයන්ගේ ස්වභාවය එක්නෙකට වෙනස් වන නිසා සාහිත්‍ය රසය ද එකිනෙකට වෙනස් වේ .පැරණි නාට්‍ය කලාවට අනුව රසය නව වැදෑරුම් ය.නව නළු රසය යනුවෙන් හැදින්වෙන්නේ එය යි.පැරණි විචාරකයන් පෙන්වන ආකාරයට එම නව නළු රසය සාහිත්‍යයට ද අදාළ ය.එය නව නව සාහිත්‍ය රසය වන්නේ එම නිසා යි.
ශෘගාර හාස්‍ය කරුණා - රෞද්‍ර වීර භයානක
බීභත්ස්‍යද්භූත ශාන්තාඛ්‍යා - රසා නව සමීරතා
බීභත්ස්‍යද්භූත ශාන්තාඛ්‍යා - රසා නව සමීරතා
- ශෘංගාර රසය
ආලය, ආදරය හේතුවෙන් ලිංගික ප්‍රබෝදය මුල් කොට ගෙන ඇතිවන ප්‍රමෝද ජනක ස්වභාවය ශෘංගාර රසය යි.
- හාස්‍ය රසය
සාහිත්‍ය නිර්මාණයක් තුළින් පාඨක මුවගට සිනහවක් නැගෙයි නම් එය හාස්‍ය රසය යි.
- කරුණා රසය
සාහිත්‍ය නිර්මානයක් තුළින් පාඨකයා හට ඇතිවන අනුකම්පාව කරුණා රසය නමින් හැදින් වේ.
- රෞද්‍ර රසය
සාහිත්‍ය නිර්මාණයක් තුළින් පාඨකයා හට කිසියම් රෝෂයක් ( කෝපයක් ) හට ගනී නම් ඒ රෞද්‍ර රසයයි.
- වීර රසය
සාහිත්‍ය නිර්මාණයක් තුළින් පාඨකයා හට ඇති වන වීරවත් හැගීම් වීර රසය යි.
- භයානක රසය
පාඨකයා හට බිය ජනක ස්වභාවයක් හටගනී නම් එය භයානක රසය යි.
- බීභත්ස්‍ය රසය
සාහිත්‍ය නිර්මාණය තුළින් පාඨකයා හට පිළිකුල් සහගත ස්වභාවයක් ඇති කරන්නේ බීභත්ස්‍ය රසය යි.
- අද්භූත රසය
විස්මය ජනක ස්වභාවයක් ඇති කරයි නම් එය අද්භුත රසය යි.
- ශාන්ත රසය
පාඨකයා හට කිසියම් ශාන්ත රසයක් දැනේ නම් එය ශාන්ත රසය යි.
👍 👍 👍 👍
ReplyDeleteSupuri
ReplyDeleteමරු
ReplyDelete