Thursday, July 18, 2019

රසය දනවන පරිදි නිර්මාණයවන සෑම නිර්මාණයක් ම සාහිත්‍යයක් ද ?

     රසවත් ව රචනා වූ සෑම නිර්මානයක් ම සාහිත්‍යය ගණයට ඇතුලත් වේ ද? සැබවින් ම මෙය විමසිය යුත්තකි.නිල මැස්සාට රුචිවන්නේ කුණුගොඩකි. මී මිස්සාට රුචිවන්නේ මල් පැණියි. හංසයා රුචිවන්නේ නෙළුම් විලයි.නූගත් ගැමි බස හා වහර ප්‍රිය කරන බහුශ්‍රැතයා වියත් බසත් කැමති  වේ. මෙසේ ලොවෙහි රුචිඅරුචිකම්වල විවිධත්වයක් දැකිය හැකි ය.පහත් බුද්ධියක් ඇත්තාට රැචි වන්නේ පහත් දෙයකි.ඔහුට රසයක් උපදවන්නේ බොහෝ විට පහත් රචනාවෙකි. මේ පිළිබද හොද ම නිදසුනක් ගම්බද ජීවිතයෙන් උපුටා ගත හැකි ය.අනුන් ගැරහීමේ බලාපොරොත්තුවෙන් අශ්ශීල වචනයෙන් ලියනු ලබන කැලෑ පත්තර  ඇතැම් ගැමියන් කියවන්නේ මහත් රුචියකිනි. සාහිත්‍ය රසවත් හැගීම පහළ කරන්නක් හෙයින් කුණු සරුප පුරවා ලියූ පොත ද සාහිත්‍යය ගණයෙහිලා සැලකිය යුතු නො වේ ද ?යන ප්‍රශ්නයක් මෙහි දී පැන නැගිය හැකි ය.
 
          නිලමැස්සාට ප්‍රිය වූ පමණකින් අපවිත්‍ර දෑ රසවත්  යැයි අපි නිගමනය නො කරමු. මෝඩයන් පිනවන නිසා ම කුණු සරුප පිරවූ පොත ද සාහිත්‍යයක් ලෙස නිගමනය කළ හොත් අර අපවිත්‍ර දෑත් රසවත් දෙවක් ලෙස සැලකිය යුත්තෝ වෙමු.‘යමක් කියූ කල ,ඇසූ කල විළිබිය ඇත්තවුන්ට රසයක් දැනේ නම් කාව්‍යයකි‘  යනුවෙන් කුමාරතුංග මුනිදාස කවි ශික්ෂාවේ සදහන් කළේ මේ නිසා ය.සභ්‍ය මිනිසුන් තුළ රසවත් හැගීම් දැනවීමට සමත් වන සේ ලියවුණ ගද්‍ය පද්‍ය නිර්මාණ සාහිත්‍යය යැයි අපට නිගමනය කළ හැකි ය.

17 comments:

20 න් උගත් පාඩමින් 21 හැඩකරමු

සෑම දින 365කට ම වරක් නව වර්ෂයක් ආරම්භ වීම සාමාන්‍ය සිදුවීමකි.නමුත් නව වසර තුළ නැවුම් බලාපොරොත්තු සමග නව ගමනක් ආරම්භ කිරීම සෑම පුද්ගලයෙකුගෙම ...